ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් සංවිධානය කරන ලද අනුරාධපුර දිස්ත්‍රික් ව්‍යවසායකයින් සඳහා සන්නාමකරණය සහ ඩිජිටල් අළෙවිකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2026.02.17 දින මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

මෙහි මූලික අරමුණ වූයේ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන අලෙවිය ප්‍රවර්ධන කිරීමයි. ඒ සඳහා නිෂ්පාදන සන්නාමකරණය, ඩිජිටල් අලෙවිකරණය විද්‍යුත් මෙවලම් යොදා ගන්නා ආකාරය සහ එමඟින් එම නිශ්පාදන විදේශ වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරන ආකාරය පිළිබඳ දැනුවත් කෙරිණි.

මේ සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින අපනයන විභව කාන්තා ව්‍යවසායකයින් ප්‍රමුඛ ව්‍යසායකයින් හැට දෙනෙක් (60) සහභාගී වූ අතර අපනයන සංවර්ධන මණ්ඩලය සම්පත් දායකත්වය සපයන ලදී.

මෙම වැඩමුළුව මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ අතර මේ සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වයඹ පළාත් කාර්යාලය නියෝජනය කරමින් නියෝජ්‍ය අධ්‍යක්ෂ මනෝරි කුලසේකර මහත්මිය, අපනයන සංවර්ධන මණ්ඩලය මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය නියෝජනය කරමින් නියෝජ්‍ය අධ්‍යක්ෂ කේතකි කුලපාල මෙනවිය ඇතුළු නිලධාරින් සහ මධ්‍යම නුවරගම් පළාත සහකාර ප්‍රාදේශීය ලේකම් නිමේෂ් මධුශංඛ මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින් සහභාගී විය.

 WhatsApp Image 2026 02 19 at 20.40.39 1  WhatsApp Image 2026 02 19 at 20.40.39 WhatsApp Image 2026 02 19 at 20.40.40 WhatsApp Image 2026 02 19 at 20.40.40
 WhatsApp Image 2026 02 19 at 20.40.41 1  WhatsApp Image 2026 02 19 at 20.40.41  WhatsApp Image 2026 02 19 at 20.40.42  

News & Events

11
மார்2026
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක...

குடியுரிமை சாசனம்

Scroll To Top