පොසොන් පොහොය වෙනුවෙන් පැවැත්වෙන සති පිරිත් පිංකම සමාරම්භ කරමින් පැවැත්වෙන ඓතිහාසික පැන් පෙරහැර මෙවරත් අති සාර්ථක අන්දමින් 2023 මැයි මස 30 වන දින ප.ව.3.00 ඉසුරුමුනි රාජ මහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කරන ලදි . දිස්ත්රික්කය තුළ අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල අනුග්‍රහයෙන් සිදු කරන මෙම උත්සවයේ සංවිධාන කටයුතු මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදු කරනු ලබයි.පොසොන් පොහොය වෙනුවෙන් පැවැත්වෙන සති පිරිත් පිංකම සමාරම්භ කරමින් පැවැත්වෙන ඓතිහාසික පැන් පෙරහැර මෙවරත් අති සාර්ථක අන්දමින් 2023 මැයි මස 30 වන දින ප.ව.3.00 ඉසුරුමුනි රාජ මහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කරන ලදි . දිස්ත්රික්කය තුළ අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල අනුග්‍රහයෙන් සිදු කරන මෙම උත්සවයේ සංවිධාන කටයුතු මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදු කරනු ලබයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා වාරි වලින් ලබා ගන්නා පැන් මෙලෙස මහමෙව්නා උයනේ පිහිටුවා ඇති පිරිත් මණ්ඩපය වෙත රැගෙන එනු ලබයි. මෙලෙස ගෙන එනු ලැබූ පැන් පිරිත් මණ්ඩපයේ තැන්පත් කර ඇති පැන් පාත්‍රයට පුරවනු ලැබුයේ , අටමස්ථානාධිපති , නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක  ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ වැඩමවීමෙන් අනතුරුවයි. ඒ අනුව අද (30) රාත්‍රීයේ සිට පුරා දින හතක් පිරිත් සජ්ඣායනය පැවැත්වේ. දොරකඩ අස්න පැවැත්වෙන්නේ ජුනි මස 06 වනදා රාත්‍රී 8.00 ට යි. අද පැවැති පැන් පෙරහැරට අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් වරුන් වන සන්ධ්‍යා අබේසේකර , ශාමිලා  වික්‍රමආරච්චි  යන මහත්මීන් , මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශිය ලේකම් ගාමිණි සේනාරත්න , කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.ඩී.මැදිවක , දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද , යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.

 1a.jpg  2  3  4
 5  6  7  8
 9  10  11  12

News & Events

11
மார்2026
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක...

குடியுரிமை சாசனம்

Scroll To Top