7.jpg  8.jpg  6.jpg  5.jpg
 1.jpg  2a.jpg  3a.jpg  4a.jpg
  
වයස්ගත ප්රජා සංවර්ධනය අරමුණු කරගනිමින් අනුරාධපුර වැඩිහිටි ලේකම් කාර්යාලයේ නිලධාරීන් මැදිහත්ව අද (29) දවස පුරා අනුරාධපුර කොරකහවැව විහාරස්ථානයේ දි වෛද්ය සායනයක් පැවැත්විණි.ඒ සඳහා 500 කට අධික වැඩිහිටියන් පිරිසක් පැමිණ සිටියා. බෝ නොවන රෝග වැල දී ඇත්දැයි හඳුනා ගැනීම,රෝග වැලදී ඇති පිරිස් පරික්ෂා කිරීම සහ වෙනත් විවිධ රෝග සදහා එම අවස්ථාවේ දී ම වෛද්ය උපදෙස් හා ඖෂධ ආදිය ලබා දීම ද මෙහි දී සිදු විය.
ලේ පරික්ෂා කිරීම,අක්ෂි පරික්ෂා කිරීම මෙන්ම සෞඛ්ය අධ්යාපන කඳවුරක් ද සංවිධානය කර තිබිණි.
වැඩිහිටි ලේකම් කාර්යාලය හා වයස්ගත වූවන් සඳහා වන ප්රජා සංවර්ධන ආයතනයක් වන මෙතෝදිස්ත සභාව හරහා ක්රියාත්මක වන Deaf Link ආයතනය මැදිහත් වීමෙනුයි මෙම වෛද්ය කඳවුර පවත්වනු ලැබු වේ. ඉදිරියේ දී මෙවැනි වෛද්ය කඳවුරු 20 ක් මේ වසර තුල දී ක්රියාත්මක කිරීමට ද නියමිතව තිබේ.
මධ්යම නුවරගම් පලාත තුල ක්රියාත්මක කරන වැඩිහිටි ප්රජාව සවිබල ගැන්වීමේ සිව් අවුරුදු වැඩසටහනක් Deaf Link ආයතනය මගින් ක්රියාත්මක කරන අතර එයින් වැඩිහිටියන් 8000ක් සඳහා සත්කාර සිදුකිරීම නිරන්තරවම සිදු වේ.සෞඛ්ය අධ්යාපනය ලබාදීම,මානසික සුවතාවය සඳහා වැඩසටහන් ක්රියාත්මක කිරීම ආදී වැඩසටහන් ඇතුළු ක්රියාකාරකම් රැසක් සිදුවන අතර එහි තවත් එක් විශේෂ වැඩසටහන් මාලාවක් ලෙසයි, සෞඛ්ය කඳවුරු පැවැත්වීම සිදුවන්නේ.
මීට අමතරව වසරක් ඇතුලත දී මේ වන විට මධ්යම නුවරගම් පලාත ප්රාදේශීය ලේකම් කොට්ඨාසය තුල වැඩිහිටි සංගම් 50 කට ආසන්න සංඛ්යාවක් සක්රීය කර තිබේ.එම සෑම වැඩිහිටි සමිතියකටම සාමාජිකයන් 50 කට අධික සංඛ්යාවක් සිටීම ද විශේෂත්වයකි.
ශ්රී ලංකා මෙතෝදින්න සභාව යටතේ සමාජ සේවා ආයතනයක් වන Deaf Link ආයතනයක් මෙම වැඩසටහන් ක්රියාත්මක කරන්නේ ජර්මන් BMZ ආයතනයේ මූල්ය ආධාර මතයි. BMZ ආයතනයේ මූල්ය සම්බන්ධීකාරක Susanne මෙනවිය ද අද පැවති වෛද්ය කඳවුරට සහභාගී වූවා ය.
කොරකහවැව විහාරස්ථානයේ විහාරාධිපති මීවැල්ලෑවේ ධම්මකිත්ති හිමි,වැඩසටහනේ අධ්යක්ෂ ඇන්තනි සතිෂ් පියතුමා, මෙතෝදින්න සභාවේ පුත්තලම හා අනුරාධපුර පලාත් භාර ප්රධානී ඒ.රවීන්ද්ර කුමාර් පියතුමා,ව්යාපෘතියේ ශ්රි ලංකා නියෝජිත වැනී සුරේන්ද්රරත්න මහත්මිය, Deaf Link ආයතනයේ අනුරාධපුර හා මන්නාරම් දිස්ත්රික් සම්බන්ධීකාරක බියුලා ජෙයම්, අනුරාධපුර දිස්ත්රික් සම්බන්ධීකාරක චාමර ප්රසන්න, අනුරාධපුර දිස්ත්රික් රාජ්ය නොවන සංවිධාන පිළිබඳ සම්බන්ධීකාරක සුමිත් රත්නායක,වැඩිහිටි ලේකම් කාර්යාලයේ නිලධාරිනී තුෂාරා දමයන්ති එම කාර්යාලයේ ලක්මිණි මුදලිගේ,මධ්යම නුවරගම් පලාත් ප්රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි හිමිකම් ප්රවර්ධන නිලධාරි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
මෙම සමස්ථ වැඩසටහන් මාලාව වසර හතරක් පුරා ක්රියාත්මක කරන්නේ මධ්යම නුවරගම් පලාත ප්රාදේශීය ලේකම් ගැමිණී සේනාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ යි.
දිස්ත්රික් මාධ්ය ඒකකය
අනුරාධපුරය

News & Events

16
අප්‍රේ2026
ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියසදී සංවිධානය කළ හිස තෙල් ගෑමේ උත්සවය

ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියසදී සංවිධානය කළ හිස තෙල් ගෑමේ උත්සවය

සෑම වර්ෂයකම පවත්වනු ලබන හිස තෙල් ගෑමේ...

11
මාර්2026
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක...

Scroll To Top