අපගේ දැක්ම
ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීම තුළින් කාර්යක්ෂමව හා ඵලදායීව ජනතාවට සේවය සැපයීම.අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.
අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සීමාවන්
උතුරින් - වව්නියා දිස්ත්‍රික්කය
නැගෙනහිරින් - නැ.නු.ප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
දකුණින් - තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
බටහිරින් - නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
හැඳින්වීම
මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ව්වෘත කර ඇත්තේ 1975 ඔක්තෝබර් 13 වන දින ආණ්ඩුවේ සහකාර ඒජන්ත කාර්යාලය වශයෙනි. එසමයෙහි ග්‍රාම නිළධාරී කොට්ඨාස 15ක් පරිපාලනය කර තිබූ අතර වර්තමානයේ පොකුණු තුන වශයෙන් හඳුන්වනු ලබන සුනාත පොකුණ යන ස්ථානයේ මෙම කාර්යාලය ස්ථාපනය කර තිබී ඇත. ඩබ්.එන්. විජේවර්ධන මහතා මෙහි පළමු ආණ්ඩඩුවෙ සහකාර ඒජන්ත වරයා විය. දිවංගත ජනාධිපති රණසිංහ ප‌්‍රෙමදාස මැතිඳුන්ගේ උදාගම් සංකල්පය යටතේ පණ්ඩුලගම ඉදිිිිකර තිබෙන ගොඩනැගිලි පරිශ්‍රය වෙත මෙම කාර්යාලය 1985 වසරේදී රැගෙනවිත් ඇත.
වර්තමානය
මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ව.කි. 375 ප්‍රමාණයකිිිින් සමන්විත වේ. නේවාසික හා වගා කටයුතු වෙනුවෙන් හෙක්ටයාර 23479 ක ප්‍රමාණයක් ජනතාව වෙත ලබාදී ඇත. වර්තමානයේ මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ග්‍රාම නිළධාරී කොට්ඨාස 40ක් හා නියම් ගම් 186 ක් පරිපාලනය කරනු ලබයි.
සාමාන්‍ය තත්වය
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වාර්ෂික උෂ්ණත්වය සෙ.අ. 20-30 ත් අතර වේ. වාර්ෂික වර්ෂාපතන අනුපාතය මි.මී. 186-200 ත් අතර වේ. මාර්තු සිට අගෝස්තු දක්වා ඉතා ඉහළ උෂ්ණත්වයක් පවතින අතර මෝසම් සුළං ඒමත් සමඟ සැප්තැම්බර් මාසයේ සිට ඊළඟ වසරේ මාර්තු මාසයේ පළමුු වාරය තෙක් වැසි කාලය අඛණ්ඩව පවතී. වී මෙහි ප්‍රධාන වගාව වශයෙන් වගා කරන අතර අතිරේක බෝග ද මෙහි වගා කෙරේ.
එෙතිහාසික පසුබිම
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බෞද්ධ ලෝකයේ මුදුන්මල්කඩ ලෙස හැඳින්විය හැකිය. එෙතිහාසික වශයෙන් ඉතා ඉහල වටිනාකමක් සහිත නටඔුන්, ස්මාරක, ගොඩනැගිලි, ව.කි.375 ක් තරම් භූමි ප්‍රමාණයක් තුළ විශාල ලෙස දැකිය හැකිය. ඔරායන් තාරකා පංතියේ පිහිටා තිබෙන අනුපාතික දුරට සමානුපාතිකව (ආසන්න වශයෙන්) එෙතිහාසික රුවන්වැලි මහ සෑය, මිරිිිසවැටිය හා ජේතවනාරාමය පිහිටා තිබීමත් මහත් පුදුමයක් උපදවන වග දෙස් විදෙස් විද්‍යාඥයින් සේම අභ්‍යවකාශ විද්‍යාඥයින් පැවසීමද ඊට ප්‍රභල හේතුවක්ව පවතී. මෙබඳු පිිිිහිටීමක් පෘතිවියේ අන් කවර හෝ ස්ථානයක පිහිටා නොමැත. එසේම වෙස්සගිරිය හා රන්මසු උයන ශිෂ්ඨාචාරයේ එම අනන්‍යතාවය ලොවම පුදුමයට පත් කරමින් තව තවත් එය තීව්‍ර කරන්නේ ඉසුරුමත් ශිෂ්ඨාචාරයක අසිරිමත් ප්‍රත්‍යාවලෝකනයක් ලෙසිනි.
1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | තනතුර | සිට | දක්වා |
| ඩබ්.එම්.විජේවර්ධන | 1976 | 1978 | |
| ඒ.ජී.කොළඔගේ | 1978 | 1979 | |
| යූ.කේ.ගුණවර්ධන | 1979 | 1987 | |
| බී.එම්.සුනිල් තිලකරත්න | 1987 | 1990 | |
| බී.එම්.සුනිල් තිලකරත්න | 1990 | 1993 | |
| ආර්.එම්.එස්.බී.රත්නායක | 1993 | 1995 | |
| ඒ.එම්ඩබ්.ඒ.අමුණුගම | 1995 | 1998 | |
| අශෝක අලවත්ත | 1998 | 2005 | |
| යූ.ආර්.ටී.ආර්.අබේගුණවර්ධන | 2005 | 2009 | |
| ජී.ඒ.කිත්සිරි | 2009 | 2018 | |
| ආර්.එම්.ගාමිණී සේනාරත්න | 2018 | 2024 | |
| ඊ.එම්.ආර්.පී.බී.දිසානායක (වැ.බ) | 2024 | 2024 | |
| එම්.බී.එස්.ඒ.නායක බංඩාර (වැ.බ) | 2024 | 2025 | |
| ඩී.එම්.එස්.දිසානායක | 2025 සිට |















