අනුරාධපුර පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලයේ දරුවන්⁣ගේ සහභාගීත්වයෙන් "ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට" යන තේමාව මුල් කරගනිමින් ලෝක ළමා දිනය  සමරන ලදී.අනුරාධපුර පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලයේ දරුවන්⁣ගේ සහභාගීත්වයෙන් "ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට" යන තේමාව මුල් කරගනිමින් ලෝක ළමා දිනය  සමරන ලදී.ළමයාගේ සහභාගීත්වය, සංවර්ධනය, ආරක්ෂාව සහ අධ්‍යාපනය යන අවස්ථා මුල් කර ගනිමින් මෙම සැමරුම් උළෙල සංවිධානය කරන ලදී. මෙම වැඩසටහනේ සුවිශේෂී අංගයක් ලෙස මෙදින පළතුරු පැළ රෝපණය කිරීමක්ද සිදු කරන ලදී. 


සටහන - එම්.ඩබ්.කේ.ජයලත් - පරිසර සංවර්ධන නිලධාරි

 WhatsApp Image 2025 10 09 at 14.46.12 WhatsApp Image 2025 10 09 at 14.46.13 1   WhatsApp Image 2025 10 09 at 14.46.13 WhatsApp Image 2025 10 09 at 14.46.14 1  WhatsApp Image 2025 10 09 at 14.46.14 
 WhatsApp Image 2025 10 09 at 14.46.15 1  WhatsApp Image 2025 10 09 at 14.46.15  WhatsApp Image 2025 10 09 at 14.46.16 1  WhatsApp Image 2025 10 09 at 14.46.16 2  WhatsApp Image 2025 10 09 at 14.46.16
පොසොන් උත්සවය නිමිතිකරගෙන හතලිස් හයවන වරටත් පැවැත් වූ සති පිරිත් දේශනාව පසුගිය දා නිමාවට පත්විය. පිරිත් දේශනාව අවසන් කෙරුණේ, මහමෙව්නා උයනේ පිහිටා ඇති පිරිත් මණ්ඩපයේ පැවැති දොරකඩ අස්න පිංකමත් සමගින්.
සති පිරිත් පිංකමේ තවත් වැදගත් අංගයක් හා සම්ප්රධායක් වශයෙන් ප්රචලිත දේවදුත පෙරහැර හා දෙරකඩ අස්සන දේශනාව හැදින් විය හැකියි. මෙහි දි දේව දූතයා සහ පරිවාරි අමාත්යවරුන් කැටුව මහා සංඝරත්නය සමගින් ජය ශ්රී මහා බෝධිය අසලින් දේව දූත පෙරහැර ආරම්භ කර, මහමෙවිනාවේ තනා ඇති විශේෂ සති පිරිත් මණිඩපයේ තැන්පත්කර ඇති තල පත රැගෙන ජය ශ්රී මහා බෝධිය වැද පුදා ගැනිම පඵමුව සිදු කරයි. එහි වතාවත් වලින් අනතුරුව රුවන්වැලි මහා සෑය දක්වා ගමන් කොට එහිදි රුවන් වැලි සෑ විහාරාධිකාරී, රජරට විශ්වවිද්යාලයේ කුලපති පුජ්ය ඊතලවැටුනු වැවේ ඤණතිලක නාහිමිපාණන් වහන්සේ දේව දූතයා සහ පරිවාරි අමාත්යවරුන් සදහා අශිර්වාද කරයි, බුදුන් වැද දෙවියන් වැද නැවත මහමෙව්නා උයනේ පිහිටා ඇති පිරිත් මණ්ඩපයට පැමිණිම සිදු වෙයි. ස්තුති පුර්ව අනුශාසනාව සිදු කලේ ලංකාරාමාධිකාරී උතුරු මධ්යම දිසාවේ ප්රධාන අධිකරණ සංඝනායක පූජ්ය රළපනාවේ ධම්මජෝති නායක හිමිපාණන් වහන්සේයි. මෙවැනි සතිපිරිතක් සංවිධානය කිරිම කෙතරම් භාරදුර ද යන්න උන්වහන්සේ පැහැදිලි කලහ. . එසේම මේ සදහා කැප වු දිසාපතිතුමා ඇතුලු පොසොන් උත්සව කමිටුවට, රාජ්ය හා රාජ්ය නොවන සංවිධාන සියල්ලම මෙහි දි සිහිපත් කලේය.
මේ සියල්ල අවසන මධ්යම රාත්රිය ආසන්නව සියලු දෙනා බලා සිටි දොරකඩ අස්න දේශනාව ආරම්භ කෙරිණි . දොරකඩ අස්න දේශනාව සිදු කළේ පුජ්ය ගම්මුල්ලේ ඉන්ද්රජෝති නාහිමියන් විසිනි. මෙවර දේව දුතය වශයෙන් කටයුතු කලේ තමිදු ප්රභාෂණ දිසානායක දරුව යි.
ගෞරවනීය අටමස්ථානාධිපති පූජ්ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වූණු මෙම පිංකම වෙනුවෙන් ගිහි පැවිදි විශාල පිරිසක් කැප වී කටයුතු කලහ.
හොරොව්පොතාන අඹගස්වැව පුරාණ රාජමහා විහාරාධිපති ශ්යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශවයේ හුරුළු ගම් පළාතේ උප ප්රධාන සංඝනායක පූජ්ය අඹගස්වැව ඉන්ද්රජෝති නායක ස්වාමීන් වහන්සේගේ අවවාද උපදෙස් මත දොරකඩ අස්න පූජා මංගල්යය සිදු කරයි.
දොරකඩ අස්න දේශනා අවස්ථාව සඳහා අනුරාධපුර දිස්ත්රික් ලේකම් රංජිත් විමලසුරිය, අතිරේක දිස්ත්රික් ලේකම් ශාමිලා වික්රමආරච්චි, මධ්යම නුවරගම් පළාත ප්රාදේශීය ලේකම් ඩී.එම්.එස් දිසානායක, අනුරාධපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පරිලාපන නිලධාරි දම්මිකා පල්ලේවත්ත යන මහත් මහත්මීන් ඇතුළු පිරිසක් පැමිණියහ.
සෑම වර්ෂයක දී ම සති පිරිත් පිංකම සංවිධානය කරනු ලබන්නේ මධ්යම නුවරගම් පළාත ප්රාදේශීය ලේකම් කාර්යාලය මගිනි. දොරකඩ අස්න දේශනාව ශ්රවණය කිරිම සදහා බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.
දිස්ත්රික් මාධ්ය ඒකකය
අනුරාධපුරය
 
 508108469 1267325204994280 2528376818954715839 n 508164979 1267324914994309 1392854989824471186 n  508185191 1267324878327646 962292144381958781 n  508233094 1267324851660982 5036376053104077406 n 
 508280291 1267324758327658 8410997912286915047 n  508303124 1267325291660938 7674706972769193497 n  508306725 1267325371660930 5237505814042839664 n  508386449 1267324808327653 6391461270658497054 n
 508409714 1267325084994292 1494755440238503555 n  508425173 1267324981660969 4629433398627098630 n  508450423 1267325194994281 6865364308510458941 n  508490660 1267324668327667 3674520948716190076 n
 508641313 1267325224994278 3970954237212767366 n  508639891 1267325158327618 8644649343706227415 n  508602599 1267325048327629 5013731905073628092 n  508547196 1267325014994299 7272147260119167741 n

අනුරාධපුර මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් 45 වන වරටත් පවත්වනු ලබන පොසොන් සති පිරිත

අටමස්ථානාධිපති නුවරකලාවිය ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතන නාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි පවත්වනු ලබන පොසොන් සති පිරිත් පිංකම් මාලාව 2024 ජූනි මස 17 වන සඳුදා සිට 2024 ජූනි මස 25 වන අඟහරුවාදා දක්වා පැවැත්වේ.

vlcsnap 2024 06 12 12h52m59s403

පොසොන් සති පිරිත 2024

පොසොන් සති පිරිත් දේශනාව ආරම්භ කිරීමට ප්රථම සිදුකරන බෞද්ධ ආගමික චාරිත්රයක් වන පැන් පෙරහැර අද (06) සවස පැවැත්වී ය. තිසා වැවෙන් ලබාගන්නා පැන් ඉසුරුමුණි විහාරයේ සිට ජය ශ්රී මහා බෝධින් වහන්සේ අබියසට රැගෙන යාම මෙහිදි සිදු කරයි. ඒ අනුව ඉසුරුමුණි විහාරස්ථානය තුළ දී ආගමික වතාවත් පැවැත්විමෙන් අනතුරුව පැන් පෙරහැර ආරම්භ කළේ ය.
විවිධ සාම්ප්රදායික නර්තනයන් ඇතුළු පෙරහැර අංග රැසකින් සමන්විත අලංකාර පෙරහැරක් මෙහි දී සංවිධානය කර තිබුණි. මධ්යම නුවරගම් පළාත ප්රාදේශිය ලේකම් කාර්යාලයේ මුලිකත්වයෙන් සංවිධානය වන මෙම පෙරහැර සඳහා රාජ්ය හා පෞද්ගලික ආයතන රැසක්ම සිය දායකත්වය සපය යි.
පෙරහැර අවසානයේ මහමෙව්නා උයනේ තනා ඇති පිරිත් මණ්ඩපය තුල තැන්පත් කර ඇති මහා පාත්රයට එම පැන් පිරවිම සිදුකළේ ය. ඒ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්යයේ යි. ආගමික වතාවත් වලින් අනතුරු සති පිරිත ආරම්භ කිරිම අද රාත්රියේ ආරම්භ කරයි.
පැන් පෙරහැර අවස්ථාවට අනුරාධපුර දිස්ත්රික් ලේකම් රංජිත් විමලසූරිය , අතිරේක දිස්ත්රික් ලේකම්වරුන් වන සන්ධ්යා අබේසේකර , ශාමිලා වික්රමආරච්චි , මධ්යම නුවරගම් පලාත ප්රාදේශිය ලේකම් සුදර්ශන දිසානායක, දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරි ධම්මිකා පල්ලෙවත්ත ඇතුළු රාජ්ය නිලධාරින් පිරිසක් , සහ ප්රදේශයේ බැතිමතුන් සහභාගී වූහ.
දිස්ත්රික් මාධ්ය ඒකකය
අනුරාධපුරය
 
 493534478 1260035712389896 8660458070203284157 n 494387325 1260035525723248 8469787306036145344 n  494518714 1260035845723216 4957976455898698734 n  497016050 1260036155723185 230483320154187458 n 
 499269217 1260035522389915 6426447239367787722 n  499323457 1260035479056586 3206875063745149205 n  499817086 1260035915723209 8854514886340536506 n  500083415 1260036075723193 863142345722148335 n
 500137064 1260035429056591 5356121799731590894 n  500448126 1260035632389904 3514955230458392863 n  500867826 1260035772389890 3420633850938708770 n  502559263 1260035209056613 3811221274485718599 n
 504888565 1260036049056529 8274475296431374440 n  504204611 1260035275723273 3138335534408869679 n  503375445 1260036002389867 8714447706368597130 n  502703673 1260035322389935 3730129001307308391 n

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන්ගේ අනුශාසනා පරිදී මෙවර හිසතෙල් ගෑමේ මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පසුගිය දා පැවැත් වුණා. අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන්ගේ අනුශාසනා පරිදී මෙවර හිසතෙල් ගෑමේ මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පසුගිය දා පැවැත් වුණා. සිංහල හා දමිළ අලුත් අවුරුද්දේ සුවිශේෂි චාරිත්‍රාංගයක් වන හිස තෙල් ගෑමේ නැකත 2024.04.15 දින පූර්ව භාග 10.17ට යෙදී තිබුණි. සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම සුදුසු බව ජෝතිෂ්‍යයේ සඳහන් වේ.වර්ෂයක් පසා මෙම හිස තෙල් ගෑමේ  උත්සවය සංවිධානය කරනු ලබන්නේ  මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ජී.සේනාරත්න මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසිනි. එසේම හිසතෙල් ගැමෙන් අනතුරුව පැමිණි පිරිස සදහා කිරිබත්, කැවිලි ඇතුළු සංග්‍රහයක් ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කර තිබුණි. මේ අවස්ථාව සදහා මහා සංඝරත්නය, රාජ්‍ය නිලධාරින්, නන්දෙසින් පැමිණි  බැතිමතුන් සඳහා හිසතෙල් ගෑම සිදු කරන්නේ  අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් ඇතුලු මහා සංඝරත්නය විසිනි.
තොරතුරු අනුග්‍රහය :- එම්.ඩබ්.කේ.ජයලත් මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි මධ්‍යම නුවරගම් පළාතදිස්ත්රික් මාධ්ය ඒකකය අනුරාධපුරය

 

 facebook 1713413915048 7186578837542592890  facebook 1713414103339 7186579627292717083  FB IMG 1713414157727
 FB IMG 1713414135718  FB IMG 1713414152608  FB IMG 1713414140384

News & Events

11
Mar2026
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක...

Scroll To Top