රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සඳහා මධ්‍යම නුවරගම් පලාත ප්රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් සංවිධානය කරණු ලබන වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන 2020/08/14 දින මධ්‍යම නුවරගම් පලාත ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. වෘත්තීය පුහුණු ආයතන රාශියක සහභාගික්වයෙන් පැවති මෙම වැඩසටහනේදී වෘත්තීය පුහුණුව සඳහා බඳවා ගැනීම සහ රැකියා සඳහා යොමු කිරීමද සිදුකෙරිණ.



2020 රාජ්‍ය ඡායාරූප උළෙල සඳහා නිර්මාණ භාරගැනීම දැන් ආරම්භ කර ඇත. මෙවර තරගය Online ක්‍රමයට පැවැත්වීමට රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව තීරණය කර තිබේ. සමස්ථ ලෝක වාසීන් මුහුණ දී සිටින COVID-19 ව්‍යසනය නිසාවෙන් මෙවර රාජ්‍ය ඡායාරූප තරගයේ ද ස්වභාවය තරමක් වෙනස් කර තිබේ.
වසරේ තේමාව ලෙස "COVID-19 හමුවේ ජන ජීවිතය" තෝරාගෙන ඇති අතර විවෘත අංශය ලෙස තවත් තරග අංශයක් පැවැත්වේ.
මේ සමග ඇති Link එක මගින් තරගය පිළිබඳවත් නිර්මාණ ඉදිරිපත් කලයුතු ආකාරය පිළිබඳවත් සියළුම තොරතුරු ලබා ගත හැකිය.
2020 අයදුම් පත්‍රය බාගත (Download) කරගැනීම සඳහා පහත Link එකට පිවිසෙන්න.
ප්‍රදර්ශනය සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට පහත Link එකට පිවිසෙන්න.
https://forms.gle/oKiVzU8X7ka7D6f77
අවසාන දිනය : 2020 අගෝස්තු මස 07 දින
අද දින 48 වන උපන් දිනය සමරන අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියමුවාණන් වන ගාමිණි සේනාරත්න ගරු ප්‍රාදේශීය ලේකම් තුමාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා !
















