සෑම වර්ෂයකම පවත්වනු ලබන හිස තෙල් ගෑමේ උත්සවය මෙවරත් අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නාමියන්ගේ ප්‍රධාන්තවයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියසදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

සිංහල අවුරුදු චාරිත්‍ර අතර වැදගත් ස්ථානයක් හිමි කර ගන්නා චාරිත්‍රයක් ලෙස හිස තෙල් ගෑමේ චාරිත්‍රය හඳුන්වන අතර හිස තෙල් ගැල්වීමේ චාරිත්‍රය මගින් සෞඛ්‍යය, ආශීර්වාදය හා සමාජ සම්බන්ධතා එකට බැඳෙන අවස්ථාවක් ලෙස සැලකේ. තෙල් හිසට ගා ආශීර්වාදය ලබාදීම තුළින් ශරීරය ශක්තිමත් කර ගැනීමත්, මනස සන්සුන් කර ගැනීමත් අරමුණ වේ. එමෙන්ම අධ්‍යාත්මික හා සමාජ අගයන්ද එකතු කරමින් හිස තෙල් ගෑම සිදු කරනු ලබයි.

ඒ අනුව අප්‍රේල් මස 15 වෙනි බදාදා පුර්වභාග 06.55 ට පච්ච වර්ණය හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹපත්ද පයට කොළොම්පත්ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගෑම මහ සංඝරත්නයේ සෙත් පිරිත් ආශීර්වාද මධ්‍යයේ සිදු කරෙනි.

එමෙන්ම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් උදෙසා සෑම වර්ෂයකම පවත්වනු ලබන කිරිබත් සහ කැවිළි දන්සල මෙවරත් මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින් පැවැත්විය.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ, සහකාර ප්‍රාදේශීය ලේකම් නිමේශ් මධුශංඛ පරිපාලන ග්‍රාම නිලධාරී කේ.ජී.චන්ද්‍රසේකර, පරිපාලන නිලධාරි අජන්තා ආරියසිංහ යන මහත්ම මහත්මින් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් බොහෝ පිරිසක් සහභාගී විය.

 

   

   

           
           
         
  

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක මහතාගේ අධීක්ශණය යටතේ කාර්යා⁣ලයේ සංවර්ධන අංශය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන ලේ දන්දීමේ කඳවුර 16 වන වතාවටත් 2026.03.09 දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වීය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලේ බැංකුවේ වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩලයේ සහයෝගය සහ ඇක්වා එයිඩ් පදනම අනුග්‍රහයක දායකත්වය යටතේ සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා සිය දෙනෙකුට අධික රුධිර පරිත්‍යාගශීලීන් සහභාගී විය. රුධිර පරිත්‍යාගශීලීන් සඳහා ඇගයීමේ සහතික පතක් හා සමරු තිළිණයක්ද මෙහිදී පිරිනැමීමට කටයුතු කරන ලදි.

WhatsApp Image 2026 03 10 at 12.59.08 1  WhatsApp Image 2026 03 10 at 12.59.08 2  WhatsApp Image 2026 03 10 at 12.59.08  WhatsApp Image 2026 03 10 at 12.59.09 1 
 WhatsApp Image 2026 03 10 at 12.59.09 2  WhatsApp Image 2026 03 10 at 12.59.09  WhatsApp Image 2026 03 10 at 12.59.10 1  WhatsApp Image 2026 03 10 at 12.59.10 2
 WhatsApp Image 2026 03 10 at 12.59.10 3  WhatsApp Image 2026 03 10 at 12.59.10  WhatsApp Image 2026 03 10 at 12.59.11  

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් සංවිධානය කරන ලද අනුරාධපුර දිස්ත්‍රික් ව්‍යවසායකයින් සඳහා සන්නාමකරණය සහ ඩිජිටල් අළෙවිකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2026.02.17 දින මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

මෙහි මූලික අරමුණ වූයේ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන අලෙවිය ප්‍රවර්ධන කිරීමයි. ඒ සඳහා නිෂ්පාදන සන්නාමකරණය, ඩිජිටල් අලෙවිකරණය විද්‍යුත් මෙවලම් යොදා ගන්නා ආකාරය සහ එමඟින් එම නිශ්පාදන විදේශ වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරන ආකාරය පිළිබඳ දැනුවත් කෙරිණි.

මේ සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින අපනයන විභව කාන්තා ව්‍යවසායකයින් ප්‍රමුඛ ව්‍යසායකයින් හැට දෙනෙක් (60) සහභාගී වූ අතර අපනයන සංවර්ධන මණ්ඩලය සම්පත් දායකත්වය සපයන ලදී.

මෙම වැඩමුළුව මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ අතර මේ සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වයඹ පළාත් කාර්යාලය නියෝජනය කරමින් නියෝජ්‍ය අධ්‍යක්ෂ මනෝරි කුලසේකර මහත්මිය, අපනයන සංවර්ධන මණ්ඩලය මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය නියෝජනය කරමින් නියෝජ්‍ය අධ්‍යක්ෂ කේතකි කුලපාල මෙනවිය ඇතුළු නිලධාරින් සහ මධ්‍යම නුවරගම් පළාත සහකාර ප්‍රාදේශීය ලේකම් නිමේෂ් මධුශංඛ මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින් සහභාගී විය.

 WhatsApp Image 2026 02 19 at 20.40.39 1  WhatsApp Image 2026 02 19 at 20.40.39 WhatsApp Image 2026 02 19 at 20.40.40 WhatsApp Image 2026 02 19 at 20.40.40
 WhatsApp Image 2026 02 19 at 20.40.41 1  WhatsApp Image 2026 02 19 at 20.40.41  WhatsApp Image 2026 02 19 at 20.40.42  

මධ්‍යම නුරගම් පළාත ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.02.24 දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.මධ්‍යම නුරගම් පළාත ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.02.24 දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.
එහිදි 2025 අවසන් සම්බන්ධීකරණ කමිටුව වෙත යොමු කර තිබු ගැටළු සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණ වලට අදාළ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කරන ලදී. අනතුරුව මෙදිනට ලැබි ඇති ලිපි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු කෘෂිකර්ම, වාරි මාර්ග, වන සංරක්ෂණ, වන ජීවි, සෞඛ්‍ය සේවා, පුරාවිද්‍යා, නැවත පදිංචි කිරීම් සහ මහජනතාව විසින් කර ඇති ඉල්ලීම් හා ගැටළු වලට අදාළ ක්ෂේත්‍ර පිළිබඳ සාකච්ඡා කරන ලදි.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම නුරගම් පළාත ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ආර්.බී.ඩබ්.සී.වන්නිනායක, අමාත්‍ය ගරු වසන්ත සමරසිංහ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක, සම්බන්ධීකරණ ලේකම් ආර්.ජී.දිසානායක, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) රුවන් නයන අබේරත්න, මධ්‍යම නුරගම් පළාත ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රීවරු, රාජ්‍ය නිලධාරින් ඇතුළු මහජනතාව බොහෝ දෙනෙක් සහභාගී වුහ.

 WhatsApp Image 2026 03 04 at 14.55.17 1 WhatsApp Image 2026 03 04 at 14.55.17 2  WhatsApp Image 2026 03 04 at 14.55.17  WhatsApp Image 2026 03 04 at 14.55.18 1  WhatsApp Image 2026 03 04 at 14.55.18 2 
 WhatsApp Image 2026 03 04 at 14.55.18  WhatsApp Image 2026 03 04 at 14.55.19 1  WhatsApp Image 2026 03 04 at 14.55.19 2  WhatsApp Image 2026 03 04 at 14.55.19 3  WhatsApp Image 2026 03 04 at 14.55.19
 WhatsApp Image 2026 03 04 at 14.55.21  WhatsApp Image 2026 03 04 at 14.55.21 1  WhatsApp Image 2026 03 04 at 14.55.20  WhatsApp Image 2026 03 04 at 14.55.20 2  WhatsApp Image 2026 03 04 at 14.55.20 1

අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම අනුරාධපුර, සාලියපුර “ශාන්ති සේවන” රජයේ වැඩිහිටි නිවසේදී උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය.

සෑම වර්ෂයකම වැඩිහිටි නිවසේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සමඟ ජාතික නිදහස් දිනය සමරනු ලබන අතර මෙවරද මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

එහිදි ප්‍රථමයෙන් ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කර ආගමික වතාවත් සිදු කරන ලදී. වසර 78 ක් පුරාවට අප මාතෘ භූමිය නිදහස්, නිවහල්, ස්වෛරී රාජයක් ලෙස ගොඩ නැංවීම උදෙසා ඇස්, හිස්, මස්, ලේ,  දහඩිය වගුරුවා දිවිහිමියෙන් ජීවත පූජා කළ දැයේ විරුවන් සිහිපත් කළ අතර එම අය විසින් අපට උරුම කර දුන් නිදහස අර්ථවත් ලෙස ගත කරමු යන්න ප්‍රාදේශීය ලේකම් සුදර්ශණ දිසානායක මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

තවද, වැඩිහිටි නිවාසයේ වාට්ටු පිරිසිදු කර එම වැඩිහිටයන් උදෙසා දිවා ආහාරය ලබා දීමේ පිං කටයුත්තද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ මැදිහත් වීමෙන් සිදු කරන ලදී.

මෙකී අවස්ථාව සඳහා උත්තරසාලිය ශ්‍රී දළදා රජමහා විහාරයේ විහාරධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය විලච්චියේ සද්ධානන්ද ස්වාමින් වහන්සේ, සහකාර ප්‍රාදේශීය ලේකම් නිමේස් මධුසංඛ, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) රුවන් නයන අබේරත්න, පරිපාලන නිලධාරි අජන්තා ආරියසිංහ, පරිපාලන ග්‍රාම නිලධාරි ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් සහ ශාන්ති සේවන රජයේ වැඩිහිටි නිවාසයේ ස්ථාන භාර නිලධාරි ජේ.එස්.එන්.ජයවීර මහතා මෙන්ම කාර්ය මණ්ඩලය සහ වැඩිහිටියන් බොහෝ  දෙනෙක් සහභාගී වූහ.

සටහන:

එම්.ඩබ්.කේ.ජයලත්.

පරිසර සංවර්ධන නිලධාරි

 

1 2  3  4  5
 6  7  8  9  10
 11  12  13  14  15

News & Events

16
අප්‍රේ2026
ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියසදී සංවිධානය කළ හිස තෙල් ගෑමේ උත්සවය

ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියසදී සංවිධානය කළ හිස තෙල් ගෑමේ උත්සවය

සෑම වර්ෂයකම පවත්වනු ලබන හිස තෙල් ගෑමේ...

11
මාර්2026
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්ෂිකව පවත්වන ලේ දන්දීමේ වැඩසටහන

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.සුදර්ශන දිසානායක...

Scroll To Top